Gossips

පොහොට්ටුවෙන් කළු පොතක්

වර්තමාන ආණ්ඩුවේ වංචාසහගත සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කළු පොතක් නිර්මාණය කර එයට සම්බන්ධවූවන්ට තම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පෙරමුණ විසින් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.