Gossips

ඔස්ට්‍රියාවේ තානාපතිවරිය ඇතුළු 5ක් හදිසියේම කැඳවීමට හේතුව ජනපති හෙළිකරයි

ඔස්ට්‍රියාවේ තානාපතිවරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු නැවත කැඳවීමට හේතු වූ කරුණු පිළිබඳ ජනාධිපතිවරයා අද හෙළිදරව්වක් කළා.
ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික ඕසොන් දින සැමරුම් උත්සවයේදී.
ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත්කම හුවා දැක්වීම සදහා ඊයෙට යෙදී තිබූ ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ට්‍රියල් සංන්ධානයේ 31 වන සංවත්සරයට සමගාමීව මෙම සැමරුම් උත්සවය පැවැත්වුණා.