Gossips

පාසල් සිසුන් පටවාගත් ලොරියක් කුකුල්කන්දේදී පියාඹයි – සිසුන් 5 ක් සමඟ 7 ක් රෝහලේ

නෙළුව-දික්හේන කුකුල්කන්ද මාර්ගයේ පාසල් සිසුන් පිරිසක් ගමන්කළ කුඩා ලොරියක් පෙරළී යාමෙන් පාසල් සිසුන් ඇතුළු 7දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අදාළ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක වහලයක් මතට පෙරලී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
සිසුවෙකුගේ මවක් සහ රථයේ රියදුරු ඇතුළු තුවාල ලැබූ 5 දෙනෙකු හිනිදුම නෙළුව සහ කරාපිටිය රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් එක් පාසල් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බවයි.
ඔවුන් ගමන් කළ වෑන් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන නිවසක වහලයක් මතට පෙරලී, මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ සිසුවන් කලුබෝවියන මහා විද්‍යාලයේ 06 සහ 07 ශ්‍රේණිවල ඉගෙනුම ලබන පාසල් සිසුන් බවටයි අනාවරණ වී ඇත්තේ.
පාසල නිමවී අදාළ ලොරියේ නැගී යළි නිවස කරා යමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
නෙළුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
rn