Gossips

හිඟුරක්ගොඩ ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු මරුට

හිඟුරක්ගොඩ – රජඇල – මිරිස්කුඩු වංගුව ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර, එම ස්ථානයට පොලිස් නිලධාරින් පිරිසක් පැමිණීමත් සමඟ එහි සිටි පිරිස පලා ගොස් ඇති බවයි.
එම අවස්ථාවේදී මෙම පුද්ගලයා අසළ තිබූ ළිඳට වැටීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක්.