Gossips

කැටපත් පවුරේ දිලීර ඉවත් කෙරේ

සීගිරි කැටපත් පවුරේ දිලීර ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධි තාක්ෂණික උපකරණ යොදාගෙන විශේෂඥ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
කැළණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර විද්‍යා අංශය සහ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සඳහන්.
පසුගිය සති කිහිපය පුරා කැටපත් පවුරේ දිලීර රසායනික ද්‍රව්‍ය යොදා ඉවත් කිරීමට පියවර ගැනුණා.
එමෙන්ම පියවි ඇසට නොපෙනෙන දිලීර අංශු ඉවත් කිරීම සඳහා අධි තාක්ෂණික කැමරා සහ උපකරණ භාවිතා කරන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල වැඩිදුරටත් සඳහන් කළේ.