Gossips

වියළි කාලගුණයත් සමඟ විල්පත්තුවේ වන අලි ගම්වදී

අනුරාධපුර – තන්තිරිමලේ – රුවන්පුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා සිය නිවස අසල රැදී සිටියදී අද උදෑසන මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක්. පවතින වියලි කාලගුණය හමුවේ විල්පත්තු වනෝද්‍යානයේ සිටින වන අලි ඒ අවට ගම්මානවලට වැඩි වශයෙන් පැමිණෙන බවටයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.
පසුගිය මාසය තුළදී පමණක් වන අලි ප්‍රහාරවලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.