Gossips

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කෙරේ

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කර තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දැනට එම බද්ද සියයට 15ක්ව පවතින බවයි.
මීට පෙර රෙදිපිළි ආනයනයේදී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක සෙස් බද්දක් අය කළ අතර, සියයට 15ක වැට් බද්ද ක්‍රියාත්මක වූයේ පසුගිය අගෝස්තු මාසයේ සිටයි.
රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම බද්ද සියයට 5 දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.