දේශපාලන අස්ථාවරභාවය සහ ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් මේ වන විට දක්නට ලැබෙනවා.
ඇමරිකානු ඩොලරයක් සඳහා විකුණුම් අනුපාතය ඊයේ (16) සටහන් වූයේ රුපියල් 156යි ශත 66ක් ලෙසයි.
රුපියල වාර්තාගත අන්දමින් පහත වැටීමක් පසුගිය බදාදා සිට දක්නට ලැබෙන අතර මේ වසරේ මේ වන විට රුපියල සියයට 1.1කින් අව ප්රමාණ වී තිබෙනවා.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් අවප්රමාණ වූ අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටුණා.