Gossips

කෝටි එකහමාරකට අධික හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් එක්කෝටි හැටලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පාකිස්ථානයේ කරච්චි නුවර සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණියේ අද පෙරවරුවේයි.
එහිදී ඔහුගේ ගමන් මල්ලේ පතුලේ සඟවා තිබියදී සොයාගත් මෙම හෙරොයින් තොගය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 606 ක බරකින් යුක්ත වනවා.
අත්ඩංගුවට ගත් 35 හැවිරිදි පාකිස්ථාන ජාතිකයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල