Gossips

නාමල් කුමාර පැවැත්වූ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ වීඩියෝ පට ලබාදෙන්නැයි නියෝග

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කළ හෙළිදරව්වේ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට මාධ්‍ය ආයතන 4කට අද නියෝග කෙරුණා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
පසුගිය 12 වන දා මහනුවර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන් සමග සිදුකළ දුරකථන සංවාදයක හඬ පටයක් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට මුදා හැර තිබුණා.