Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවතට

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොහුට තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවයි.
පොලිස් කොමිසමේ ආවරණයට යටත්ව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර තිබෙනවා.
මේ අතර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අද පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ, නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට ලබාදුන් දුරකථන ඇමතුමේ හඩ පටය එම දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහුගෙන් පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6කට අධික කාලයක් ප්‍රශ්ණ කර තිබුණා.