Gossips

අලුත්කඩේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

කොළඹ – අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ ඊයේ(16) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කෙසෙල්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුද ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීමකින් මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.
එසේම වෙඩි තැබීම සඳහා පැමිණි අනෙක් පුද්ගලයා සිද්ධියෙන් පසු පලාගොස් තිබුණා.
ඔවුන් යතුරුපැදියකින් පැමිණ තිබූ අතර, ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද පොලීසිය ප්‍රකාශ කළා.
වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවි දෙකද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.