Gossips

ඇරැව්වල ඝාතනයට සම්බන්ධ තවත් හතරදෙනෙකු අත්අඩංගුවට

මහරගම – ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසළදී පසුගියදා තියුණු ආයුධවලින් පහරදී 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පැල්මඩුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහි 3 ක්ද වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඇළක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධියට ආධාර අනුබලදුන් සැකකරුවෙකු සහ සැකකාරියක් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවා.