Gossips

අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

ආසියානු කුසලාන තරඟාවලියේ 'බී' කාණ්ඩයේ තවත් තරඟයක් අද (17) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.
තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවති තරඟයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
ඒ අනුව තරඟාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන සමඟ අද (17) පැවැත්වෙන තරඟය ජය ගැනීම අනිවාර්ය වනවා.
ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය සඳහා එක් නොවූ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද තරඟය සඳහා එක් වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ .
මේ අතර අද තරඟයේදී ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇති බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.
තරඟාවලියේ 'ඒ' කාණ්ඩයේ පළමු තරඟය ඊයේ (16) පැවැත්වුනේ පකිස්ථානය සහ හොං කොං කණ්ඩායම් අතරයි.
එම තරඟයේදී කඩුලු 08කින් හොං කොං පිල පරාජය කළ පකිස්ථාන පිල ජය හිමිකර ගත්තා.