කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය ඊයේ (15) සිදුකළ විමර්ශනයකදී හෙරොයින් ග්‍රෑම් 75 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර, කුඩු සංඛ නමින් හැඳින්වෙන පුද්ගලයාගේ මව බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කළා.
එම නිවස වටලන අවස්ථාවේ එම කාන්තාවගේ පුත්‍රයා වන කුඩු සංඛ පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය කියා සිටියේ.
පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක එම කාන්තාව හෙරොයින් ජාවාරමේ නිරතව ඇති අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ මුළු වටිනාකම රුපියල් හත්ලක්ෂ 50,000කට ආසන්න බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ කාන්තාව රැදවුම් නියෝග මත මේ වන විට පානදුර පොලිස් භාරයේ පසුවනවා.
මේ අතර, අම්බලන්තොට ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරිනු ලැබූ කුඩු ලොකු අම්මා නැමැති කාන්තාව ද අද (16) උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර ද අවස්ථා ගණනාවකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.