Gossips

පුත්තලම සහ බිංගිරිය උණුසුම් වේ

පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයා සිදුකළ දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (16) කැදවා තිබූ විශේෂ මහා සභා රැස්වීමේදී උණුසුම් තත්වයක් හට ගත්තා.
ඒ, මන්ත්‍රීවරියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එල්ල කළ චෝදනාවක් සමඟයි.
පසුව ඊට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ප්‍රතිචාර දැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
මෙහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මේසය මත නැගී සිය විරෝධතාව ද පළ කළා.
මේ අතර, බිංගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා හා තරුණ බල මණ්ඩල රැස්වීමේ දී ද අද (16) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ, නව තනතුරු පත් කිරීම සම්බන්ධයෙන්.
එහි සිටි අප වාර්තාකරුවන් සඳහන් කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පරාජය වූ නියෝජිතයින් නව තනතුරුවල පිහිටුවීමට වයඹ පළාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක, පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යෝජනා කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවයි.