Gossips

දෙවන ජනමත විචාරණයක්, බ්‍රිතාන්‍ය අගමැතිනිය ප්‍රතික්ෂේප කරයි

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම තහවුරු කිරීමට නම් තවත් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඉදිරිපත් වන ඉල්ලීම් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ප්‍රතික්ෂේප කළා.
ඇය සඳහන් කළේ එය ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමක් බවයි.
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟතා ගිවිසුමක් ඇති කර ගැනීමට පවතින්නේ තවත් මාස 6ක පමණ කාලයක්.
එහිදී නිසි එකඟතාවක් ඇති නොවුවහොත් එය බ්‍රිතාන්‍යයට අවාසිදායක තත්වයක් බවයි තෙරේසා මේගේ, පක්ෂයේ ප්‍රතිවාදියා වන බෝරිස් ජොන්සන් පවසන්නේ.
ඔහු අගමැතිනියගේ පක්ෂ නායකත්වයට ද අභියෝගයක් එල්ල කරන දේශපාලනඥයෙක්.
තවත් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ද ඉල්ලීමක් කර ඇති බව සඳහන්.