Gossips

ගිං ගඟට බිලි වූ බස් කොන්දොස්තර

මුහුණ සේදීම සඳහා ඊයේ (15) උදෑසන ගිං ගඟට ගිය තරුණයෙකු ගිං ගඟේ ගිලී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල – පොද්දිවල ප්‍රදේශයේ පදිංචි මත්තක ගමගේ සුපුන් ප්‍රියාන් නැමති 18 හැවිරිදි තරුණයෙක්.
මියගිය තරුණයා පිටිගල- ගාල්ල බස්රථයේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඊයේ (15) උදෑසන මාපලගම ප්‍රදේශයේ නවතා තිබූ බස්රථය සෝදා බුදුන් පුදා මුහුණ සෝදා ගැනීම සඳහා ගිංගඟට ගොස් තිබෙනවා.
එහිදී පය ලිස්සා ගොස් ගඟට වැටී මෙම ඛේදවාචකය සිදුවී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාපලගම කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක බන්දුල ගමගේ මරණ පරීක්ෂණය පවත්වා තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වුනේ.