Gossips

ජනපති ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට SMS පණිවුඩ

ජාතික ආපදා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඇමරිකාවේ මීට පෙර යොදා නොගැනුණු ක්‍රමවේදයක් භාවිත කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙනවා.
ඒ, ජනතාවගේ ජංගම දුරකථන වෙත ජනපතිවරයා විසින් එස්.එම්.එස්. පණිවුඩයක් යැවීමයි.
ජනාධිපති දැනුම්දීම ලෙස නම් කෙරුණු මෙම සේවාව ඉදිරි සතියේදී අත්හදාබැලීමට නියමිත බව වොෂින්ටන් ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ නමුත් මෙලෙස ජනාධිපතිවරයා විසින් ජනතාවගේ ජංගම දුරකථන වෙත එස්.එම්.එස්. පණිවුඩ යැවීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට අදාළ නීතිය 2016 වසරේදී සම්මත කරගැනුනේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමයේදියි.
rn