Gossips

පාදෙණියේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

වාරියපොල – පාදෙණිය බස්නැවතුම්පොල අසලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇය ලංගම බස් රථයකට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී එක්වරම බස් රථය ධාවනය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අද(17) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ පාදෙණිය – වීරගහමුල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරා පාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.