Gossips

මහ බැංකුවේ ප්‍රධාන වගකීම් භාණ්ඩාගාරයට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූලික කාර්යභාරයන් රැසක් මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
විශේෂයෙන් රජයේ ණය පියවීම සඳහා මුදල් ඉපයීම එම කාර්යයන්ට ඇතුළත් බව සඳහන්. 2015 වසරේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුව ඇතිවූ තත්ත්වයන් සැළකිල්ලට ගෙන නව වෙනස්කම් සිදුකිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව මහ බැංකුව සිය නියෝජිතයා ලෙස දැන්වීමකින් තොරව මහා භාණ්ඩාගාරයට අරමුදල් රැස් කිරීමට හැකියාව ලැබෙනු ඇති.
මේ අතර මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් වන විධිවිධාන වෙනස් කිරීම සඳහා මුදල් පනතේ සංශෝධන සිදුකිරීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කළා.
දැනට මහ බැංකු අධිපතිවරයා පත් කෙරෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින්.
එය ව්‍යවස්ථාමය කටයුත්තක් ලෙස සිදුකිරීමට යෝජනා වී ඇති බව සඳහන්.
විශේෂයෙන් මහ බැංකුවට දේශපාලන මැදිහත්වීම් වැළැක්වීම සඳහා මෙම පියවර යෝජනා වී ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.