Gossips

තෙල් කාන්දුව ගැන සොයන පංච පුද්ගල කමිටුව ඉදිරි සතියේ

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අනිද්දා දිනයේදී එම කමිටුවේ කටයුතු ආරම්භවීමට නියමිතයි.
අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් වගකීම් පැහැර හැර ඇති බවට අනාවරණ වුවහොත් ඊට එරෙහි නීතිමය පියවර ගැනීමට එම කමිටුව තීරණය කරනු ඇති බවයි.
පරිසර අධිකාරිය, සමුද්‍රිය පරිසර අධිකාරිය, නාවික හමුදාව, වරාය අධිකාරිය සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය නියෝජනය කරමින් සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුක්තව එම කමිටුව සමන්විත වන අතර, අවශ්‍යතාවක් ඇතිවුවහොත් තවත් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක පසුගිය 8 වනදා කාන්දුවක් සිදුවුණා.
ඒ හේතුවෙන් දික්් ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වූ අතර, එම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එම දින කිහිපය තුළ එක්ව සිටියා.