Gossips

හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලීසියට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදියි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරු වත්තල – හුණුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
හෙරොයින් අලෙවි කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථන 3 ක් ද ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති අතර, ඔවුන් අද මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.