Gossips

සෞදියට සහ එමීරයට ඉරානයෙන් චෝදනා

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඔපෙක් සංවිධානය ඇමරිකාවේ කෙළිබඩුවක් බවට පත්කර ඇතැයි ඉරානය චෝදනා කරනවා.
ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන ඉරානයට එරෙහිව ඇමරිකාව දැන් දැඩි සම්බාධක ක්‍රියාත්මක කිරීම ඊට උදාහරණයක් ලෙස ඔවුන් දක්වා සිටියා.
ඉරානයේ තෙල් සැපයුම සීමාවීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළයාමක් දැන් දක්නට ලැබෙනවා.
එහෙත් ඇමරිකාවේ ඉල්ලීම මත සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට සැරසෙන බව සඳහන්.
තෙල් මිල සමනය කිරීමට ගනු ලබන එම පියවරයි මෙලෙස ඉරානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත්තේ.