Gossips

20 අසාර්ථකයි – ඇමති විජේදාස කියයි

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක නොවනු ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙරට දේශපාලන සංස්කෘතිය අනුව ආණ්ඩුවක් බලයට පත්වී වසරකට පසුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත වීම ප්‍රායෝගිකව සිදු නොවන්නක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.