රජය ගෙන යන වැඩපිළිවෙල අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවති සඟ සමුළුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එම අවස්ථාවට එක්වෙමින් දේශහිතෛෂී භික්ෂු පෙරමුණේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ රටේ ජනතාව සාමකාමීව ජීවත්වන බවයි. එහෙත් දේශපාලනඥයින් ඊට අකමැති බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.