Gossips

බස් සංගම් හෙට සාකච්ඡාවක

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනයකට යාමට සූදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ තම සංගමයට අයත් නියෝජිතයින් සමග හෙට දිනයේ මේ පිලිබදව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සදහා සූත්‍රයක් හදුන්වාදීමට රජයට කාලය ලබාදී ඇති අතර ඉදිරි සති දෙක ඇතුළත නිසි ප්‍රතිචාර නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් පසුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.