Gossips

CIA ඇසට හසුවූ නීති විරෝධී පස් ජාවාරම

වත්තල – මාබෝල නගර සභාවට අයත් මාර්ග බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් මේ දිනවල දිවා රාත්‍රිය පුරා නීතිවිරෝධී පස් ජාවාරමක් ක්‍රියාත්මක වනවා.
හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුම සිදුකරගෙන යන එම පස් ජාවාරම පිළිබදවයි අද සී.අයි.ඒ. අනාවරණය.
හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණේ වත්තල – මා බෝල නගර සභාවට අයත් බංගලාවත්ත පාරේ ස්ථාන රැසක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන මෙම මහා පරිමාන පස් ජාවාරම සිදුකරනා බවයි.
නීති විරෝධීව සිදුකරන මෙම පස් ජාවාරම සම්බන්ධයෙන් වගකිව යුත් බලධාරීන් කොතෙක් දැනුවත් කල ද ඉන් පළක් නොවු බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙම පස් ජාවාරම පස් මංජු යන අන්වර්ථ නාමයෙන් හදුන්වන හිටපු නාගරික සභා මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම
මත ක්‍රියාත්මක බවයි.