Gossips

රාජකාරී පැහැරහැරි තානාපති නිලධාරින් ජනපති අණින් වහාම කැඳවයි

ඔස්ට්‍රියාවේ වියානා නුවර තානාපති කාර්යාලයේ තානාපති නිලධාරිනිය ඇතුළු ඉහළ නිලධාරින් පිරිස වහාම නැවත මෙරටට කැඳවීමට ජනාධිපති ලේකම්වරයා නියෝග කර තිබෙනවා.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පැය 12 කට ආසන්න කාලයක් පුරා මෙම කාර්යාලයේ නිලධාරින් සම්බන්ධ කර ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවයි.
ඔවුන් සිය රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙලෙස ඔවුන් නැවත කැඳවීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රියාවේ වියානා නුවර තානාපති කාර්යාලයේ තානාපති නිලාධාරිනිය ලෙස සේවය කළේ ප්‍රියානි විජේසේකර මහත්මියයි.