Gossips

නාලක සිල්වාට එරෙහි පරීක්ෂණ ස්වාධීන වීමට පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි – උදය ගම්මන්පිල

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ අපක්ෂපාතීවීමට නම් පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධුරයෙන් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කෑගල්ල ප්‍රදේශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
මේ අතර තවත් දේශපාලනඥයින් අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.