Gossips

කොළඹ ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු වැල්ලම්පිටියේදී අල්ලයි

පසුගිය මාස කිහිපයේ කොළඹ සිදුවූ ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ වෙරළබඩ පොලිස් වසමේදී පසුගිය ජුලි මස 8 වනදා 50 හැවිරිදි සහ 58 හැවිරිදි අඹුසැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මොහු බවයි.
එමෙන්ම, අගෝස්තු මස 3 වනදා මෝදර පොලිස් වසමේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද ඔහු බවට අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
සැකකරු නාවික හමුදාවෙන් පලාගිය 24 හැවිරිදි සෙබලෙක්.