Gossips

වෙඩි වැදුණු බවට සැක කරන වන අලියෙකුගේ සිරුරක් බුත්තලින් හමුවෙයි

මියගිය වන අලියෙකුගේ සිරුරක් බුත්තල – වන්දම – කජුවත්ත ප්‍රදේශයේදී වනජිවි නිලධාරින් අද පස්වරුවේ සොයා ගත්තා.
ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව සොයා ගත් මෙම මළ සිරුර අවුරුදු 35 කට ආසන්න වයසක පසුවන උස අඩි 8 කට ආසන්න අලියෙකුගේ බවයි වැල්ලවාය වනජිවි නිලධාරින් කියා සිටියේ.
මෙම වන අලියා වෙඩි වැදීමකින් තුවාල ලබා මියයන්නට ඇති බවට ද ඔවුන් සැක කරනවා.