ඇෆ්ගනිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී එහි ගමන් කළ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුර තලෙයිබාන් ප්‍රහාරයක් නොවන බව එරට බලධාරින් තහවුරු කළ බවයි.
හෙලිකොප්ටරයේ නියමුවා ද අනතුරෙන් මියගොස් ඇති අතර, මතුවූ තාක්ෂණික ගැටලූවක් හේතුවෙන් එය සිදුවන්නට ඇති බවට ඇෆ්ගන් බලධාරින් සැක පළ කරනවා.