Gossips

ට්‍රම්ප්ගෙන් චීනයට තවත් බදු

චීනයෙන් ආනයනය කරන තවත් ඩොලර් බිලියන 200ක් වටිනා භාණ්ඩ සඳහා බදු ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී තිබෙනවා.
එය චීනය සමඟ වෙළඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා දරණ උත්සාහයට බාධාවක් වනු ඇති බව සඳහන්.
බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සදහන් කරන පරිදි ජනපති ට්‍රම්ප් චීනයට පැනවීමට සැරසෙන නව බදු ඉදිරි සතියේ ලොව පුරා මූල්‍ය වෙළදපළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂිතයි.
නව බදු මගින් චීනයේ අන්තර්ජාල තාක්ෂණ නිෂ්පාදන, පරිපථ පුවරු මෙන්ම ගමන් මළු, බයිසිකල්, ගෘහ භාණ්ඩ ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසක් ඉලක්ක කරගැනීමට නියමිතයි.