Gossips

කාලගුණයේ සුළු වෙනසක් අනිද්දා සිට

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අනිද්දා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව එම කොටසේ සුළෙඟ් වේගය 17 වනදා සිට සුළු වශයෙන් වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එසේම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.