Gossips

රොහින්ග්‍යා මුස්ලිම්වරුන් නැවත මියන්මාරයට යැවීමට බංග්ලාදේශය සැරසේ

රකීනේ ප්‍රාන්තයේ ගැටුම් හේතුවෙන් සිය රට වෙත පළා ආ හත්ලක්ෂයකට ආසන්න රොහින්ග්‍යා මුස්ලිම්වරුන් නැවත මියන්මාරය වෙත යැවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට බංග්ලාදේශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කඩිනමින් එහි යැවිය යුතු 8000කට වැඩි පිරිසකගේ තොරතුරු මියන්මාර රජය වෙත ලබාදුන් බවයි බංග්ලාදේශය සඳහන් කළේ.
ඩකා නුවර මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද එක්වුණා.
දේශසීමාව ආසන්නයේ සිටින සරණාගතයන් මුලින්ම මියන්මාරය වෙත නැවත යැවීමට පියවර ගැනෙන අතර, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවත් සාකච්ඡාවක් පෙබරවාරි 20 වන දා පැවැත්වීමට නියමිතයි.