Gossips

මධ්‍යම කාරක සභාවට සහභාගි වන්නැයි නිදහස් පක්ෂයෙන් 15ට ඇරයුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ලබන බදාදා පැවැත්වෙනවා.
ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පක්ෂ සම්මේලනය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කරන බවයි.
ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ටද මෙම මධ්‍යම කාරක සභාව සඳහා ආරාධනා කරන බවයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ආරාධනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු මධ්‍යම කාරක සභා රැස්වීම් සඳහා සහභාගි නොවීමට තීරණය කර ඇති බවයි.