Gossips

ෆ්ලොරන්ස් ජල ගැලීම් තවදුරටත්

ෆ්ලොරන්ස් සුළි සුළඟ සමඟ ඇමරිකාවේ නැගෙනහිර වෙරළේ කැරොලයිනා ප්‍රදේශයට තවත් දින ගණනාවක් ජල ගැලීම් බලපානු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
එමෙන්ම ජීවිත හානි සිදුවිය හැකි හදිසි ජල ගැලීම් ද අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා අංශ අනතුරු අගවා තිබෙනවා.
ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය, ඝර්මකලාපීය සුළි කුණාටුවක් බවට පත්වුවත් එමගින් තවදුරටත් හානි සිදුවන බවයි වාර්තා වන්නේ. නිවාස අසූලක්ෂයකට පමණ විදුලිය ඇණහිට ඇති අතර, ජීවිත හානි 5ක් ද වාර්තා වුණා.
මේ අතර, මේ වසරේ ඇති වූ ප්‍රබලතම චණ්ඩ මාරුතය වන මැන්කුට් සුළි සුළඟ සුළි සුළඟ මේ වන විට ප්‍රබල සුළං දහරා සහ ධාරාණිපාත වැසි ඇති කරමින් පිලිපීනය හරහා හමන අතර චීනය දෙසට යොමු වෙමින් ඇති බව සඳහන්.
මිලියන 5කට ආසන්න ජන කොටසක් සුළි සුළං පථයේ සිටින අතර, ජීවිත හානි පිළිබදව මෙතෙක් වාර්තා ලැබී නැහැ.