Gossips

මාළු ලොරියක ගැටී පදිකයෙකු මරුට

පොළොන්නරුව – වැලිකන්ද මාර්ගයේ කඩවත්මඩුව මංසන්ධියේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මඩකලපුවේ සිට කොළඹ දෙසට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදිකයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද – අසේලපුර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.