Gossips

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක දින කිහිපයක් විදුලිය බිද වැටෙයි

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට සතියක පමණ කාලයක සිට විදුලිය ඇණහිට ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා නගනවා.
ඕනෑගම, කඳුරුවෙල, හිගුරක්ගොඩ, මින්නේරිය, ඇලහැර, බකමූණ යන ප්‍රදේශවලට මෙලෙස දිනකදී විටින් විට මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි ඔවුන් පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර විදුලිබල මණ්ඩල නිලධාරීයාට දුරකථනයෙන් ඇමතුව ද ඔහු ඊට පිළිතුරු නොදෙන බව සදහන්.
මෙලෙස නොදන්වා විදුලිය විසන්ධි කිරීමෙන් තම දෛනික කටයුතු නිසි ලෙස සිදුකරගෙන යාමට නොහැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
අප මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර විදුලි අධිකාරී විමුක්ති චන්ද්‍රදාසගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ විදුලි සැපයුමෙහි ඇති වූ දෝෂයක් හේතුවෙන් පසුගිය දිනක විදුලිය මෙලෙස විසන්ධි වුවත්, විටින් විට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකළ බවයි.