Gossips

ප්‍රභූවරුන්ට ඇති තර්ජන ගැන සත්‍යය හෙළි කරන්න – නිදහස් පක්ෂ මහලේකම්

දූෂණ විරෝධී බලකාය පසුගිය දා සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ජනතාවට ඒ පිළිබද තොරතුරු දැන ගැනීමට සැලැස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහලේකම්වරයා මේ බව කියා සිටියා.