Gossips

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා පිතිකරුවන් ගැන අවධානය

මෙවර ආසියානු කුසලාන එක්දින තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී හෙට (15) ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟයෙන්.
තරඟාවලිය ආරම්භයට පෙර ඊට සහභාගි වන එක් එක් කණ්ඩායම් දක්වන විශේෂ කුසලතා ක්‍රික්ඉන්ෆෝ ක්‍රීඩා විචාරකයාගේ අවධානයට යොමු වුණා.
එහිදී ඔහු ශ්‍රී ලංකා පිල හැඳින්වූයේ ප්‍රහාරාත්මක සහ තාක්ෂණික පිතිකරුවන්ගේ කණ්ඩායමක් ලෙසයි.
එකිනෙකාට වෙනස් ප්‍රහාරවලින් සන්නද්ධ වූ උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා යන මුල්පෙල පිතිකරුවන් හතර දෙනාම පන්දුව හතරේ සීමාව නිසිලෙස යොමු කිරීමට සමත්වීම විශේෂ කුසලතාවක් ලෙසයි ඔහු හැඳින්වූයේ.
එමෙන්ම, තිසර පෙරේරා සහ දසුන් ශානක මැද පෙල පිතිකරුවන් මෙන්ම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් ලෙස මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වූ බව ක්‍රික්ඉන්ෆෝ විචාරකයා පෙන්වා දෙනවා.