Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ පත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ මීට පෙර ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා ලෙස සිටි අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ කාලසීමාව සැප්තැම්බර් 5 වන දායින් අවසන් වූ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත්.
ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් 7 දෙනෙකු සහ සිවිල් නියෝජිතයින් තුන්දෙනෙකු ඇතුළත් වනවා.