Gossips

දින 35ක් තුළ දුම්රිය අනතුරුවලින් 57ක් මරුට

මේ වසරේ දින 35 ක් තුළ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඉන් වැඩි දෙනෙකු මිය ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ සහ දුම්රිය පා පුවරුවේ ගමන් කිරීමේදී සිදුවූ අනතුරුවලින්.
ඒ නිසා දුම්රිය මාර්ගය භාවිත කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසටයි දුම්රිය ආරක්ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න, ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එමෙන්ම, පසුගිය වසරේ ප්‍රවේශපත්‍ර රහිතව දුම්රියේ ගමන් කළ මගීන් 1295 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් දඩ මුදල් ලෙස රජයට ලබාගෙන ඇති ආදායම රුපියල් හතලිස් ලක්ෂ 32,772 ක්.
එමෙන්ම ප්‍රවේශ පත්‍රයේ සඳහන් නොවන දුම්රිය පන්තියේ ගමන් කළ මගීන් 237 දෙනෙකු ද පසුගිය වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මේ අතර, ඊයේ රාත්‍රි 8 සිට අනිද්දා අලූයම 4 දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.
ඒ, දුම්රිය මාර්ගයේ සහ පාලම්වල අලූත්වැඩියා කටයුතු හේතුවෙන්.