Gossips

මස්කෙළියේ පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප)

මස්කෙළිය – සමන්එළිය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 25 දෙනෙකු පමණ මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලීසිය සදහන් කළේ.
පාසලේ විවේක කාලයේදී ක්‍රීඩාපිටියේ ක්‍රීඩාකරමින් සිටි පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර, ඒ හේතුවෙන් එම පාසල තාවකාලිකව වසා දැමීමට ද පියවර ගැණුනා.
මේ අතර, බගවන්තලාව චැපැල්ටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් 8 දෙනෙකුට ද අද පෙරවරුවේ තවත් බඹර ප්‍රහාරයක් එල්ල වුණා.
බඹර ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් බගවන්තලාව රොහලට ඇතුලත් කිරීමෙන් පසු 5 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
තවත් කාන්තාවන් 3 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රොහලේ වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ.
තේ පඳුරක් මත තිබු බඹර කූඩුවක් ඇවිස්සීමෙන් වතු කම්කරුවන්ට මෙම බඹර ප්‍රහාරය එල්ලවී තිබෙනවා.



ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය ගාමිණී බණ්ඩාර