Gossips

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් බන්ධනාගාරයේ සිට බිරිදගේ අවමගුලට පැමිණේ

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මියගිය බිරිද වන කුල්සූම් නවාස්ගේ දේහය ලන්ඩනයේ සිට පාකිස්ථානයේ ලාහෝර් වෙත අද රැගෙනවිත් තිබෙනවා.
එය ඔවුන්ගේ් ලාහෝර් නිවහනේ සිට පවුලේ සුසානය වෙත රැගෙන ගොස් ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළා.
දීර්ඝ කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විදි කුල්සූම් නවාස් ලන්ඩනයේදී පසුගිය අගහරුවාදා මියගියේ වයස අවුරුදු 68 ක්ව සිටියදීයි.
ෂරීෆ් පවුලේ ඥාතීන් මෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ් බන්ධනාගාරයෙන් ඇප මත පැමිණ අවමගුලට සහභාගි වන බව සදහන්.
සිය බිරිදගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සදහා පන්ජාබ් අධිකරණය විසින් හිටපු අගමැති නවාස් ෂරීෆ්ට සැප්තැම්බර් 17 වනදා පස්වරු 4 දක්වා ඇප ලබාදී තිබෙනවා.