Gossips

වෑන් රථයක් පෙරලීමෙන් 7 කට තුවාල

හාලිඇල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් පෙරලීමෙන් ඊයේ සවස 6.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තුවාල ලැබුවන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම පිරිස බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඇල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.
රියදුරාට නින්ද යාම හේතුවෙන් වෑන් රථය පෙරලී ගොස් ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
මේ අතර මෙම අනතුර වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට එහි සිටි පුද්ගලයෙකු තර්ජනය කර තිබෙනවා.
එම පුද්ගලයා ද ඇල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට ගොස් වෙනත් වාහනයකින් පැමිණෙමින් සිටි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
මේ පිළිබඳ අප වාර්තාකරු හාලිඇල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මේ අතර වෑන් රථය මාර්ගයේ පෙරලී යන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක ද සටහන් වී තිබුනා.