Gossips

ලොව පුරා උන්මාදයක් සේ පැතිරයන අභියෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් බෝවෙයි

ලොව පුරා පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් පැතිර ගිය අභියෝගයක් වූ අයිස් බකට් අභියෝගය පිළිබදව ලෝකය පුරාම දැඩිසේ කතාබහට ලක්වුණා.
එම අභියෝගයට සමාන වූ අභියෝගයක් මේ දිනවල සුපිරි ක්‍රීඩකයින්, නළුවන් ඇතුළුව ලොව පුරා තරුණයින් අතර පැතිර යනවා.
ඒ Break the beard අභියෝගයයි.
තම රැවුල නවතම විලාසිතාවන්ට අනුව හැඩගන්වා එයින් වඩාත්ම කඩවසම් විලාසිතාව හිමි තැනැත්තා තේරීම මෙම අභියෝගයේදී සිදුකරනවා.
මෙම අභියෝගය මේ වනවිට ජනප්‍රිය ක්‍රිකට් තරු අතරට ව්‍යාප්ත වෙමින් පැවතීමද විශේෂත්වයක්.
ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් වන රවීන්ද්‍ර ජඩේජා, රෝහිත් ශර්මා, හර්දික් පාන්ඩයා, ශිකර් ධාවන්, රිෂබ් පාන්ට් වැනි ක්‍රීඩකයින් මෙම අභියෝගයට මුහුණ දුන් ක්‍රීඩකයින්.
මේ අතර මේ වනවිට ආසියානු කුසලාන තරඟාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරට ද Break the beard අභියෝගය ගොස් තිබෙනවා.
මෙම අභියෝගයට පළමුව මුහුණ දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කරගෙන ඇති අතර එයට නොදෙවෙනි වෙමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ද Break the beard අභියෝගයට මුහුණ දුන් තවත් ක්‍රීඩකයෙක්.