Gossips

ජවිපෙන් ජනපති අපේක්ෂකයෙක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් වැඩකරන පන්තියේ නියෝජනයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති ලෝක ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපීය සමුළුවට එක්වෙමින්.
මේ අතර, සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස යන තේමාව ඔස්සේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ සිංගප්පූරුව සමඟ අත්සන් කළ ගිවිසුම ලෝක වෙළඳ සංවිධානයේ අවශ්‍යතාව මත සිදුවූවක් බවයි.
එසේම රටේ මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් එය රටේ බදු ප්‍රතිපත්තියට පටහැනි නොවිය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.