Gossips

පොලීසියේ නොහැකියාව ගැන ඒකාබද්ධයෙන් ආණ්ඩුවට චෝදනා

බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට ගැනිිමට නොහැකි වී ඇත්තේ පොලිසියේ නොහැකියාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒකාබද්ධ තරුණ පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
වර්තමානයේදී විමර්ශනයට ලක් කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් පමණක් බවයි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ජනබලය කොළඹට විරෝධතාවය අතරතුරදී විෂ සහිත කිරිපැකට් ලබාදීම සම්බන්ධයෙන් කළ පැමිණිලි ගැන මෙතෙක් විමර්ශන ආරම්භ කර නොමැති බවට ද චෝදනාවක් කළා.